Sunday, April 26, 2009

ආදරණීය ..... ...... .....,

ලපළු විය අස සුහුඹුල් දගකම්
යළි යළි සිහි කර සතුටු සිතින්.....
අප සිත් පින වූ අපේම ලෝකය
අපගෙන් වෙන් වී දුරක ගිහින්...

සුපුරුදු සුපිපුණු සිනා සලන්නට
දුර වැඩිමුත් නෙතු පෙනෙන ඉමෙන්
හඩ ගසමින් මතකය එළිපත්තේ
දෙසවන් නළවයි සිහින් සරින්....

තවම ඇසෙනවා සරදම් කළ නද
විකසිත නෙතු කැලුමන් අතරින්
සින නගන යුරු තවම පෙනෙනවා
හද තුළ සිතුවම් පෙළක් ලෙසින්........

දෑසින් කදුළලි පිටට එබෙන තුරු
රණ්ඩු දබර කෙරුවද කෙතරම්....
නැගී බිදී යන රළක් ලෙසින්
හදවත ඉඩ ගත් පුදුමෙකි! මනකල්.......

කුණටු වැස්සක් පොළව නසන කළ
නැවුම් එළිය සතු රවිදු වගේ....
කලකට පසු යළිවරක් දුටිමි මම
සිනහව හ ජීවිතය ඔබේ!!!!

බැස ගිය සදු වෙත කුමට හඩමි මම
පායා ඇත හිරු ලොවට මගේ...
එදාද නොදුටුව සුපසන් ගගුලක
ගිලී හිදී අද සිතෙහි මගේ........

No comments:

Post a Comment